නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගනු ලැබුවේ ආණ්ඩුවේ උවමනාවකට යැයි විවිධ පිරිස් සිදුකරන ප්‍රකාශ සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන බව විදුලිබල නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී.පෙරේරා මහතා සඳහන් කළේය.
මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීම ආණ්ඩුවට සතුටක් හෝ දුකක් නොමැති බවත්, පෙරේරාලා, සිල්වලා හා රාජපක්ෂවරුන් කියා වෙනසක් නොමැතිව නීතිය ක්‍රියාත්මක වන බවත් ඔහු අද (13දා)පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී පවසා සිටියේය.
මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගනු ලැබුවේ දූෂණ විරෝධී හඬ සංවිධානය පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට සිදුකළ පැමිණිල්ලක් විමර්ශනය කර සොයාගත් කරුණු අනුව බවද හෙතෙම සඳහන් කළේය.