පසුගිය ජනපතිවරණ සමයේදී රජයේ මුදල් අවභාවිත කරමින් සිල් රෙදි බෙදා දීමේ සිදුවීමක් සම්බන්ධයෙන් වැරදිකරුවන් බවට පත්වූ හිටපු ජනපති ලේකම් ලලිත් වීරතුංග හා ශ්රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසමේ හිටපු අධ්යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට තමන්ට ලැබුණ තීන්දුව සම්බන්ධයෙන් අභියාචනාධිකරණයට ඇපෑලක් ඉදිරිපත් කර තිබේ. සිය නීතිඥයින් මාර්ගයෙන් අද (11දා) ඔවුහු මෙම ඇපෑල ගොනුකර තිබුණි.