සිරියාවේ ක්‍රියාත්මක IS ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්ත සංවිධානයේ හදවත බඳු රක්ඛා නගරයේ බලය අත්පත් කරගැනීමට ඇමෙරිකාව සමග ඒකාබද්ධ මෙහෙයුමක් දියත් කරන බව තුර්කි ජනපති අවධාරණය කර තිබේ.
චීනයේදී පැවති G20 රාජ්‍ය නායක සමුළුවේදී ඇමෙරිකානු ජනාධිපති බරැක් ඔබාමා විසින් ඉස්ලාම් රාජ්‍යයේ බල කඳවුරට එරෙහි ඒකාබද්ධ ප්‍රහාරයක් සම්බන්ධයෙන් වූ අදහස ඉදිරිපත් කළ බවත් තුර්කි ජනපති තයීප් එර්ඩෝගාන් පවසා ඇත.
ඒ අනුව, මෙවැනි ඒකාබද්ධ ප්‍රහාරයක් සම්බන්ධයෙන් තුර්කියට කිසිදු ගැටලුවක් නොමැති බවද ජනපතිවරයා පවසා තිබේ.
පසුගිය මාසයේදී තුර්කිය විසින් ඉස්ලාම් රාජ්‍ය ත්රස්තයන් මෙන්ම කුර්දි සටන්කාමීන්ද ඉලක්ක කරමින් සිරියාව තුළ මෙහෙයුම් ආරම්භ කර තිබුණේ තුර්කිය තුළ වරින්වර එල්ල වූ දැවැන්ත ත්‍රස්ත ප්‍රහාරවලට පිළිතුරු වශයෙනි.