සාම්ප්‍රදායික පාස්කු ඉරිදා දේව මෙහෙය පවත්වමින් පළමු වැනි ෆ්‍රැන්සිස් පාප් වහන්සේ සියල්ලටම ඉදිරියෙන් සිරියාව සහ ඉරාකය වෙත සාමය ප්‍රාර්ථනා කළහ.
මෙම රටවල සිදුවන දැවැන්ත මනුෂ්‍ය සංහාරයන් සම්බන්ධයෙන් ජාත්‍යන්තර ප්‍රජාවේ අවධානය වහාම යොමුකරන ලෙස හෙතෙම වැඩිදුරටත් පවසූහ.
එමෙන්ම, පලස්තීනය, යුක්රේනය, ලිබියාව, යේමනය, නයිජීරියාව, සූඩානය හා කොංගෝ රාජ්‍ය වෙනුවෙන්ද පාප් වහන්සේ සාමය පැතූහ.