තුර්කියේ සහාය ලබන කැරලි කණ්ඩායම් විසින් IS ඉස්ලාම් රාජ්‍ය ත්රස්තයන් ග්‍රහණයේ පැවති ඩාබික් නගරයේ බලය තහවුරු කරගැනීමට සමත්ව තිබේ.
මෙම කැරලි කණ්ඩායම්වල දරුණු ප්‍රහාර මාලාව හමුවේ IS ඉස්ලාම් රාජ්‍ය ත්රස්තයන් මෙම ප්‍රදේශය අත්හැර පළායාමත් සමග ඔවුන් මෙහි බලය තහවුරු කරගෙන ඇති බව සිරියානු මානව හිමිකම් නිරීක්ෂණ මධ්‍යස්ථානය පවසයි.
උතුරුදිග සිරියාවේ පැවති මෙම කුඩා නගරය IS ඉස්ලාම් රාජ්‍ය ත්රස්තයන්ට මූලෝපාය වශයෙන් නොවුණත්, අතිශය වැදගත් නගරයක් වී ඇත්තේ ඉස්ලාම් අන්තවාදයට වැඩි ප්‍රචාරණයක් ලබාදීමේ මූලස්ථානයක් ලෙස එය භාවිත කර ඇත නිසාය.
ඉස්ලාම් රාජ්‍ය ත්රස්තයන්ට එරෙහිව ක්‍රියාත්මක වන කැරලි හමුදාවන් විසින් මෑත කාලීනව සිදුකරන දැවැන්ත ප්‍රහාර මාලාවේ පුළුල් මෙහෙයුමක් ලෙස ඩාබික් නගරයේ බලය අත්පත් කරගැනීම සැලකෙයි.
මෙම කැරලි හමුදාවට අයත් සුල්තාන් මුරාඩ් කණ්ඩායමේ අණදෙන නිලධාරී අහ්මෙඩ් ඔස්මාන් රොයිටර් පුවත් සේවයට පවසා තිබුණේ, ඔවුන් ඩාබික් නගරයට අමතරව, ඒ ආසන්නයේ වූ සෝරාන් ගම්මානයේද බලය මේ වනවිට තහවුරු කරගෙන සිටින බවයි.
මෙම ඩාබික් නගරයේ බලය අත්පත් කරගැනීමේ මෙහෙයුම් දැනට සති කිහිපයක සිට ගොඩනැගුණු අතර, තුර්කි ගුවන් හමුදාවේද සහාය ඇතිව එක් ගම්මානයෙන් ගම්මානයට ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්තයන්ව පළවා හරිමින් මෙම මෙහෙයුම ක්‍රමයෙන් සාර්ථක කරගෙන තිබුණි.