මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික වැඩසටහනට සමගාමීව සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයීය සිසුවියන් විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත සංදේශයක් භාරදීම අද (27දා ) ජනාධිපති නිලනිවසේදී සිදුවිය.
විද්‍යාලයීය විදුහල්පතිනිය විසින් ජනාධිපතිවරයා වෙත මෙම සංදේශය භාරදෙනු ලැබිණි.
ජනාධිපතිතුවරයාගේ සංකල්පයක් මත ක්‍රියාත්මක වන “මතින් නිදහස් රටක්” ජාතික වැඩසටහනට සහය දීමේ අරමුණින් පාගමනක් ද සංවිධානය කර තිබූ සිරිමාවෝ විද්‍යාලයීය සිසුවියන් කොළඹ අනෙකුත් පාසල් වල සිසුදරුවන් දැනුවත් කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවද ජනාධිපතිවරයා ඉදිරියේ සඳහන් කලහ..