සිරිකොත පක්ෂ මූලස්ථානය දැන් මළ ගෙදරක් බවට පත්ව ඇති බවට සිරිකොත පක්ෂ මූලස්ථානයේ සිය කාර්ය මණ්ඩලය තමන්ට පවැසූ බව සෞඛ්‍ය අමාත්‍ය තිස්ස අත්තායක මහතා පැවැසීය.
එසේම ජනපතිවරයා තෙවැනි වතාවට පමණක් නොව සිවුවැනි වතාවටත් ජනපති ලෙස පත්වන බවත්, ඒ සඳහා කිසිවෙකුටවත් අභියෝග කළ නොහැකි බවත් හෙතෙම කීය.
"දැන් සිරිකොත මළ ගෙදරක් වෙලා තියෙන්නේ කියලා මගේ සිරිකොත කාර්ය මණ්ඩලය පවසනවා. පක්ෂය ගැන මට දුකයි. මම එද්දී ඡන්ද පොළ නියෝජිතයන්ගේ සිව්ච් එක ඕෆ් කරලා ආවේ. මෛත්‍රීපාල මහත්තයට ඒකේ යතුර හොයාගන්න මාසයක් විතර යයි. කල්ලිවාදය රනිල් වික්‍රමසිංහ මහත්මයා බිත්තියට තියලා ඇණ ගහලා තියෙන්නේ. තුන්වැනි වතාවට නෙමෙයි හතරවැනි වතාවටත් මහින්ද මහත්තයට අබියෝග කරන්න කවුරුවත් නෑ. මෛත්‍රීපාල වගේ මී පැටියෙකුට බෑ ජනපතිව පරදන්න. එහෙම කරන්න ඇගක් තියෙන කෙනෙක් එවුවානම් තව කමක් නෑ."