(UPDATE) සිරිකොත පක්ෂ මූලස්ථානය ඉදිරිපිට ඇතිව තිබෙන ගැටුම මේ දක්වා (10.37 A.M.) පැවැත්වේ. තත්ත්වය පාලනය කිරීමට කැරළි මර්දන ඒකකයද ගෙන්වා තිබේ.
රනිල් - මෛත්රී ගිවිසුම හෙළි කරන ලෙස එක්සත් ජාතික පක්ෂයට බලකරමන් ජාතික සංවිධාන එකමුතුව සිරිකොත ඉදිරිපිට පැවැත්වූ උද්ඝොෂණය ගැටුමක් බවට පත්විය.
එක්සත් ජාතික පක්ෂ ආධාරකරුවන් එම විරෝධයට එරෙහිව සිරිකොත ඉදිරිපිටදී විරෝධයක් පැවැත්වූ අතර ඉන් අනතුරුව දෙපාර්ශ්වය අතර ගැටුමක් ඇතිවිය. ගල් මුල් වලින් පහර දීම සිදුවිය.
සිරිකොත පක්ෂ මූලස්ථානය ඉදිරිපිට මාර්ගය අවහිර වී තිබේ.
බෝතල් වලින්ද පහරදීම් සිදුවෙයි. පොලීසිය ගැටුම මැඩ පැවැත්වීමට කටයුතු කරමිනි සිටියි.