සිරදඬුවමට බිය නෑ - ජයලලිතා
සිය පළමු පාලන කාලය තුළදී අයථා ලෙස මුදල් සහ දේපළ රැස් කළ බවට චෝදනා ලැබ සිව් වසරක සිරදඩුවම් ලැබූ හිටපු තමිල්නාඩු මහඇමතිනී ජයලලිතා ජයරාම් පසුගිය සිකුරාදා (17) ඇප පිට නිදහස ලැබුවාය.
ඒ අනුව බැංගලෝර් සිරකඳවුරේ සිට ඇය සිය චෙන්නායි නුවර පිහිටි නිවස බලා පැමිණි බව එරට මාධ්‍ය සඳහන් කළේය. ඇය දින 22ක් පුරා රැඳී සිටි එම සිරකඳවුරේ සිට බැංගලෝර් ගුවන් තොටුපොළ දක්වා පැමිණි මහා මාර්ගය දිගෙහි එක්රැස් වී සිටි ඇගේ ආධාරකරුවෝ සිය ගණනක් පමණ ප්‍රීතිඝෝෂා නැගූහ.
ඊයේ (19) දිනයේදී සිය අන්නා ද්‍රවිඩ මුන්නේත්‍ර කලාගම් පක්ෂයේ ආධාරකරුවන් ඇමතූ 66 හැවිරිදි ජයලලිතා මෙම සිරදඩුවම සම්බන්ධයෙන් තමන් බියට පත්නොවන බව කියා සිටියාය. එසේම තමන්ගේ පෞද්ගලික ජීවිතය තුළදී ගිනිගත් සාගරයක පිහිනීමට සිදුවුණු බවත්, දේශපාලනයට පිවිසි මුල් දිනයේ සිටම ආදරණීය සහෝදරියක ලෙස ජනතාවට සිදුකළ සේවාව නිසා බොහෝ උවදුරුවලට මුහුණදීමට සිදුවුණු බවත් ඇය මෙහිදී වැඩිදුරටත් කියා තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

