සිරගතවන්නන්ගේ සුබ සාධනය අරමුණු කර ගනිමින් සෑම වසරකම සැප්තැම්බර් මස 12 වැනිදාට යෙදෙන ජාතික සිරකරු දිනය නිමිත්තෙන් පැවැත්වෙන කොඩි සතියේ සමාරම්භය සනිටුහන් කරමින් ප්රථම කොඩිය ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා වෙත පැළැදවීම අද (13) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේදී සිදු කෙරිණි.
ජනාධිපතිවරයා වෙත කොඩිය පළදවනු ලැබුවේ ශ්රී ලංකා සිරකරු සුබසාධක සංගමයේ සභාපති පී.ඒ. කිරිවන්දෙණිය මහතා විසිනි. බන්ධනාගාර ගතව සිටින සිරකරුවන්ගේ සහ ඔවුන්ගේ පවුල් වල සාමාජිකයන්ගේ සුබසාධනය වෙනුවෙන් අරමුදල් රැස්කිරීම සදහා ශ්රී ලංකා සිරකරු සුබසාධක සංගමය විසින් සෑම වසරකට මෙම කොඩි සතිය පවත්වනු ලබයි.