ශ්රී ලංකාවට අලුතින් පත්ව සිටින මහ කොමසාරිස්වරුන් දෙදෙනෙකු සහ තානාපතිවරු තිදෙනෙක් අද (01දා) ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත සිය අක්ත පත්ර පිළිගැන්වූහ.
නවසීලන්ත මහ කොමසාරිස් ග්රැහැම් මෝටන්, මාලදිවයින් මහ කොමසාරිස් සහියා සරීර්, ජෝර්දාන් හෂෙමයිට් රාජධානියේ තානාපති හසන් මහමුද් මොහොමඩ් අල්-ජවමේ, භූතාන් රාජධානියේ තානාපතිනි පෙමා චෝදන් මහත්මිය සහ බොස්නියා හා හර්සගොවිනා තානාපති සබිට් සුබාසික් යන මහත්ම මහත්මීහු මෙසේ අක්තපත්ර භාරදුන්හ.
අක්තපත්ර පිළිගැන්වීමෙන් අනතුරුව පැවැති සාකච්ඡාවේදී ජනාධිපති රාජපක්ෂ මහතා ඔවුන් හමුවේ ගැටුම් අවසන්වීමෙන් පසු ශ්රී ලංකාව අත්කරගෙන ඇති ප්රගතිය පැහැදිලි කළේය. එසේම රට තුළ ඇවිද සැබෑ තත්ත්වය සියැසින් දැක අවබෝධ කරගන්නා ලෙසද ජනපතිවරයා කරුණු පැහැදිලි කළේය.