ඉදිරියේදී සෑම රාජ්‍ය ආයතනයකම දේශීය ඇඟළුම් භාවිතයෙන් නිෂ්පාදිත නිල ඇඳුමක් හඳුන්වා දීමට අදහස් කර ඇති බවත්, අතීතයේ සිට පැවත එන ගෞරවනීය කර්මාන්තයක් ලෙස පේෂ කර්මාන්තය දියුණු කිරීම තුළින් ග්‍රාමීය කාන්තාවන් සක්‍රීය ලෙස ආර්ථික සංවර්ධන ක්‍රියාවලියට එකතුකර ගැනීමට හැකිවන බවත් කර්මාන්ත හා වාණිජ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නීතීඥ ලක්ෂ්මන් වසන්ත පෙරේරා මහතා පවසා සිටියි.
සබරගමුව පළාතේ දෙවන පේෂකර්ම ගම්මානය ලෙස කෑගල්ල රුවන්වැල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේදී රු.මිලියන 3.8ක වියදමින් ඉදිකළ දුනුමාල පේෂකර්ම ගම්මානය ජනතා අයිතියට පත්කිරීම හා රු.ලක්ෂයක් වටිනා අත්යන්ත්‍ර නොමිලයේ ලබාදීමේ අවස්ථාවට එක් වෙමින් ඊයේ (19දා) අමාත්‍යවරයා මෙසේ අදහස් දක්වා තිබේ.
“ඈත අතීතයේ සිටම පැවත එන ගෞරවනීය කර්මාන්තයක් ලෙස පේෂකර්මය හඳුන්වන්න පුළුවන්. විවෘත ආර්ථිකයත් සමගම එහි යම්තාක් දුරක කඩා වැටීමක් ඇති වුණත් වර්තමානය වනවිට පේෂකර්ම නිෂ්පාදන සඳහා දේශීයව මෙන්ම විදේශීයවද විශාල ඉල්ලුමක් පවතිනවා. මෙවැනි කර්මාන්ත දියුණු කිරීම තුළින් ග්‍රාමීය ජනාතවගේ ජීවන තත්ත්වය උසස් කිරීම, ග්‍රාමීය කාන්තාවන් සක්‍රීය ලෙස ආර්ථික සංවර්ධන ක්‍රියාවලියට එකතුකර ගැනීමට හැකියාව ලැබෙනවා මෙන්ම දේශීය නිෂ්පාදන ඉහළ මට්ටමකට රැගෙන යාමටද හැකියාව ලැබෙනවා. ඉදිරියේදී සෑම රාජ්‍ය ආයතනයකම දේශීය ඇඟළුම් භාවිතයෙන් නිෂ්පාදිත නිල ඇඳුමක් හඳුන්වා දීමට අපි අදහස් කරනවා” යනුවෙන් නියෝජ්‍ය අමාත්‍යවරයා පවසා සිටියේය.