සිමෙන්ති මිල ගණන් දෙකක් යටතේ අලෙවි කිරීම නිසා වෙළෙඳ පොළ විකෘතිතාවක් ඇති වී තිබෙන බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය සඳහන් කරයි.
එක් සිමෙන්ති සමාගමක් සිමෙන්ති කිලෝග්‍රෑම් 50 කොට්ටයක් රුපියල් 930කටත්, අනෙක් සිමෙන්ති සමාගම සිමෙන්ති කොට්ටයක් රුපියල් 870කටත් අලෙවි කරන බවද එම සංගමයේ සභාපති රංජිත් විතානගේ මහතා කියා සිටියේය.
මේ නිසා සිමෙන්ති කොට්ටයකට රුපියල් 870 ක ලෙස පාලන මිලක් නියම කරන ලෙසත් එම සංගමය රජයෙන් ඉල්ලා සිටියි.