හිටපු නාවික හමුදාපති වයිස් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි අද (26දා) සිට අද්මිරාල් ධුරයට උසස් කිරීමට තීරණය කර තිබේ.
ත්‍රිවිධ හමුදා සේනාධිනායකයා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මෙම උසස්වීම ලබාදී ඇත.1982 වසරේදී 2වැනි ශිෂ්‍යභට නිලධාරියෙකු ලෙස නාවික හමුදාවට බැඳී ඇති ඒ මහතා එතැන් පටන්
වසර 35ක තම සේවා කාලය තුළ නාවික හමුදාව හා රට වෙනුවෙන් සුවිශේෂී කාර්යභාරයක් ඉටුකර තිබේ. ඔහු අද (26දා) නාවික හමුදාවෙන් විශ්‍රාම යෑමට නියමිතව තිබේ.