තමන් සිතා සිටියාට වඩා ඇමෙරිකාව දරුණු බෙදීමකට ලක්ව ඇති ආකාරය තමා අත්දුටු බව ඇමෙරිකානු ජනාධිපතිවරණයේ පරාජිත අපේක්ෂිකාව වන හිලරි ක්ලින්ටන් පැවසී්‍ය.
මැතිවරණ පරාජයෙන් පසුව, සිය මූලස්ථානයේ රැස්ව සිටි පිරිස පවා ආමන්ත්‍රණය නොකළ ඇය, ප්‍රථම වරට සිය පාක්ෂිකයන් ඇමතීම මීට සුළු මොහොතකට පෙර සිදුවිය.
එහිදී ඇය වැඩිදුරටත් කියා සිටියේ ඇමෙරිකාවේ නව ජනාධිපතිවරයා ලෙස තේරීපත් ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත රට මෙහෙයවීම සඳහා අවස්ථාවක් ලබාදිය යුතුව ඇති බවයි. ඔහු සාර්ථක ජනාධිපතිවරයෙකු වනු ඇති බව තමා විශ්වාස කරන බවද ඇය කියා සිටියාය.
එමෙන්ම, තමාගේ මැතිවරණ ව්‍යාපාරය මෙහෙයවූ පිරිස මෙතෙක් මැතිවරණ ව්‍යාපාරයක් මෙහෙයවූ හොඳම පිරිස බවද කියා සිටි ඇය, වත්මන් ජනාධිපති බරැක් ඔබාමාද අගය කරමින් කතා කළාය.
මෙම පරාජය වේදනාකාරී වුවත්, මැතිවරණ ප්‍රතිඵලවලට ගරුකරන ලෙසද ඇය සිය ආධාරකරුවන්ගෙන් ඉල්ලා සිටියාය.
ඇමෙරිකාවේ 45 වැනි ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීම සඳහා පැවති මැතිවරණයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් විශිෂ්ට ජයග්‍රහණයක් ලබාගත් අතර, ඇමෙරිකානු ඉතිහාසයේ එදාමෙදා තුර මැතිවරණයක් වෙනුවෙන් පළකළ බොහෝ අනාවැකි පුස්සක් බවට පත්කිරීමටද ට්‍රම්ප් සමත් විය.