ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නගරයේ අවන්හලක ඉස්ලාමීය අන්තවාදියෙකු විසින් අද (15දා) උදෑසන සිට ප්‍රාණ ඇපකරුවන් රඳවා ගනිමින් සිදුකළ ත්‍රස්ත ක්‍රියාව මේ වනවිට පාලනය කර තිබුණේ ජීවිත හානි 2ක් හා බරපතල තුවාල ලැබූවන් තිදෙනෙකු පිළිබඳ වාර්තා කරමිනි.
එහි රැඳී සිටි සෙසු ප්‍රාණ ඇපකරුවන්ද වරින් වර පිටතට පැමිණෙන ආකාරය දැකිය හැකි වූ අතර, පසුව පොලීසිය අවන්හලට ඇතුළු වී එහි සම්පූර්ණ පාලනය සියතට ගෙන තිබුණි.
කෙසේ වෙතත් එහිදී සිදුවූ වෙඩි තැබීම් හේතුවෙන් ජීවිත හානි හා තුවාල සිදුව ඇති අතර, මියගිය අය අතර ප්‍රාණ ඇපකරුවන් රඳවාගත් පුද්ගලයාද සිටින බවට තොරතුරු වාර්තා වෙයි. එමෙන්ම සිදුවීම පිටුපස තවත් අන්තවාදියෙකු පිළිබඳවද කියැවෙයි.