සිඩ්නි නුවර පිහි ප්‍රහාරයක් - හුදකලා IS ත්‍රස්තයෙක් දැලේ
ත්‍රස්ත ක්‍රියාවකට සම්බන්ධ වීම හා පුද්ගල ඝාතනයකට උත්සාහ කළ 22 හැවිරිදි ඔස්ට්‍රේලියානු තරුණයෙකු අත්අඩංගුවට ගත් බව නිරිතදිග සිඩ්නි පොලීසිය පවසයි.
මෙම තරුණයා IS ඉස්ලාම් රාජ්‍ය ත්රස්තවාදයේ ආභාසය ලැබූවෙකු බව හඳුනාගෙන ඇති බවද පොලීසිය කියයි.
සිඩ්නි නුවර ජනාකීර්ණ උද්‍යානයකදී 59 හැවිරිදි පුද්ගලයෙකුට මන්නා ප්‍රහාරයක් එල්ල කළ මෙම ත්‍රස්ත සැකකරුවා, පසුව පොලිස් නිලධාරියෙකු වෙතද ප්‍රහාරයක් එල්ල කිරීමට සූදානම් වීමේදී අත්අඩංගුවට පත්ව ඇත.
ඔහු සමග විශාල මන්නා පිහියක් අත්අඩංගුවට ගෙන ඇති අතර, සිද්ධියෙන් තුවාල ලැබූ පුද්ගලයා දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවද පොලීසිය පවසයි.
අත්අඩංගුවට පත් තරුණයා ඉස්ලාම් රාජ්‍ය ත්රස්තයන් සමග සෘජු සම්බන්ධතා පැවැත්වූවෙකු බවට සාක්ෂි නැතත්, ඔහු ජිහාඩ් අන්තවාදීන්ගේ ආභාසය ලැබූ හුදකලා ත්‍රස්තයෙකු බවත්, මෙය වර්තමානයේදී ලෝකය මුහුණදෙන ත්රස්තවාදයේ අලුත්ම මුහුණුවර බවත් නිව් සවුත්වේල්ස් නියෝජ්‍ය පොලිස්කොමසාරිස්වරයා අවධාරණය කරයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
