සිගරට් සඟවා තබාගෙන සිටිනා වෙළෙඳුන් අත්අඩංගුවට ගැනීම සඳහා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විශේෂ වැටලීම් ඒකකය මෙහෙයුමක්ද ආරම්භ කර තිබේ.
මෙම මෙහෙයුමට අනුව සිගරට් 64,000 ක් සඟවා තබාගෙන සිටි වනාතමුල්ල ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු අත්අඩංගුවට ගෙන ඇත.
ඔහු මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු සිගරට් තොගය රාජ්යසන්ත කර වෙළෙඳසැල් හිමියාට රුපියල් දස දහසක දඩයක් නියම කර තිබේ.
එසේම මේ වන විට දිවයින පුරා සිගරට් හිඟයක් පවතින බවත් ඒ හේතුවෙන් ඇතැම් ස්ථානවල සිගරට්ටුවක් රුපියල් 100ක මිලකට අලෙවි වෙන බවත් වාර්තාවෙයි.