මේ ඔබ දකින දිගු පෝලිම බෙහෙත් මිලදී ගැනීමටවත්, සහනාධාර ලබාගැනීමටත් නොවේ. අනුරාධපුර නගරයේ පිහිටි සිගරට් තොග වශයෙන් අලෙවි කරන ස්ථානයක් ඉදිරිපිට ඇති පොළිමකි.
හෙට (01දා) සිට වැට් බදු සංශෝධනය හේතුවෙන් සිගරට් මිල විශාල ලෙස ඉහළ යන බවට පැතිරී යන වාර්තා හේතුවෙන් අද (31දා) සිගරට් මිලට ගැනීම සඳහා මෙසේ ජනතාව පොලීමේ රැඳීසිටිති.
මේ අතර බොරු සිගරට් හිඟයක් මවාපාමින් අනුරාධපුර නගරයේ ආපනශාලා හා වෙළෙඳසැල් බොහොමයක් රුපියල් 42ක මිලකට විකිණිය යුතු සිගරට්ටුවක් රුපියල් 60 ක මිලකට විකුණා තිබෙන බවද වාර්තා වෙයි.