සිගරට් එකට පමණක් නොව බීඩියටද බදු ගැසිය යුතු බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද(01දා)පැවසීය. සුදු බීඩියේ මිලද ඉහළ දැමිය යුතු බවත්, වැට් බදු පනවා ඇත්තේ අසාධාරණ අයුරින් බවත් ඔහු කීය. නෙළුම් මාවතේ පිහිටි ඒකාබද්ධ විපක්ෂයේ මෙහෙයුම් කාර්යාලයේදී මෙම අදහස් පළවිය.