මදුරුවන් නිසා බෝවන සිකා වෛරසය සම්බන්ධයෙන් තවදුරටත් ජාත්‍යන්තර හදිසි තත්ත්වයක් නොමැති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.
මීට මාස නවයකට පෙර සිකා වෛරසය සම්බන්ධයෙන් ජාත්‍යන්තර හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය කටයුතු කළේය.
කෙසේ වෙතත්, මෙය සිකා වෛරසය සම්බන්ධයෙන් වූ අවදානම පහත හෙළිමක් නොවන බව පවසන ලෝක සෞඛ්‍ය සංවිධානය, එය සිකා වෛරසය තුරන් කිරීම සම්බන්ධයෙන් වූ දිගුකාලීන වැඩපිළිවෙලක් සඳහා වූ ක්‍රියාමාර්ගයක් බව පවසයි. විශේෂයෙන්ම, සිකා වෛරසය මුල්බැස ගනිමින් පැවතීම මීට විශේෂ හේතුව බවද කියැවෙයි.
සිකා වෛරසය හේතුවෙන් ලොව පුරා රටවල් 30ක පමණ දරු උපතේදී සිදුවන දරුණු අසාමාන්‍ය තත්ත්වයන් මේ දක්වා වාර්තා වී තිබේ.
විශේෂයෙන්ම හිස කුඩා දරුවන් ඉපදීම තුළින් මොළයේ වර්ධනය සීමා වීම මෙහි වඩාත් බරපතල තත්ත්වයක් විය.
එමෙන්ම, බ්රසිලය තුළ පමණක් මෙම වෛරසය හේතුවෙන් ස්නායු පද්ධතියට සිදුවූ බලපෑම් සම්බන්ධයෙන් සිදුවීම් 2,100ක් පමණ වාර්තා විය.
මදුරුවන් නිසා මෙන්ම, ලිංගික සංසර්ගයේදීද මෙම වෛරසය බෝවන බව පසුව සොයාගැනුණි.