මෙම වසර තුළ ඇමෙරිකානු කලාපයේ මිලියන 3 - 4 ත් අතර ජනතාවකට සිකා වෛරසය ආසාදනය වීමේ හැකියාවක් පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි.
මෙම වෛරසයේ මාරාන්තික තත්ත්වයක් නැතත්, ගැබිණි මවුවරුන්ට වෛරසය ආසාදානය වීමෙන් මොළය වර්ධනය වූ දරු උපත් බලාපොරොත්තු විය හැකිය.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්යක්ෂ ජෙනරාල් වෛද්‍ය මාග්‍රට් චැන් පවසන්නේ මෙම වෛරසය සාමාන්‍ය මට්ටමේ අවදානමක සිට සැලකිය යුතු අවදානම් තත්ත්වයක් ලොව පුරා ඇති කරමින් තිබෙන බවයි.
ඒ අනුව, වෛරසය ඇමෙරිකානු කලාපය පුරා වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතින නිසා, සිකා වෛරසය පිටුදැකීම වෙනුවෙන් හදිසි මෙහෙයුම් කමිටුවක් පත් කිරීමටද ඇය කටයුතු කර තිබේ.
ඒ අනුව, ලබන සඳුදා රැස්වන මෙම හදිසි මෙහෙයුම් කමිටුව විසින්, මෙය ගෝලීය හදිසි තත්ත්වයක් ප්‍රකාශ කළ යුතු වෛරසයක්ද යන්න තීරණය කරනු ඇත.
අවසන් වරට මෙවැනි අන්තර්ජාතික හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කරන ලද්දේ පුද්ගලයන් 11,000 කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්කළ ඉබෝලා වසංගත තත්ත්වයේදීය.