මේ දිනවල දකුණු ඇමෙරිකානු රටවල්වල ව්‍යාප්ත වන සිකා වෛරස් උණ පිළිබඳ සෞඛ්‍ය අමාත්‍යාංශය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.
එම රෝගය පිළිබඳ අනියත බියක් ඇතිකර නොගන්නා ලෙසත් ඩෙංගු රෝගය මර්දනය කිරීමට භාවිත කරන ක්‍රම‘වේදම සිකා රෝගය මර්දනයට භාවිත කරගත හැකි බවත් එම නිවේදනයේ දැක්වේ.
සිකා පිළිබඳ සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිවේදනය
සිකා වෛරස් රෝගය මුලින්ම නිරීක්ෂණය කරන ලද්දේ 1947 දී උගන්ඩාවේ රීසස් වඳුරන් ඇසුරිනි. 1952 දී උගන්ඩා හා ටැන්සියානු ජාතිකයන් අතර මෙම රෝගය මුලින්ම වාර්තා විය. එතැන් සිට අප්‍රිකාව, ඇමරිකාව. ආසියාව සහ සැසිෆික් දූපත්වල විටින් විට මෙම රෝගය වාර්තා වී ඇත. 2014 මාර්තු මාසයේදී පළමුවෙන්ම චිලි දේශයෙන් වාර්තා වූ මෙම රෝගය 2015දී ප්‍රධාන වශයෙන් වාර්තා වූයේ දකුණු ඇමෙරිකාවේ බ්‍රසීලය සහ කොළොම්බියාවෙනි. මේ සමග දකුණු ඇමෙරිකානු රටවල් 13 කින් පමණ සිකා රෝගීන් වාර්තා වී ඇති බවට ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.
මෙම රෝගය පැතිරෙන්නේ ඊඩ්ස් ගණයේ මදුරුවන් මගින් වන අතර මොවුන් මීට අමතරව ඩෙංගු, කහ උණ හා චිකන්ගුන්යා වැනි රෝගද පතුරවයි. ඊඩ්ස් මදුරුවා දිවා කාලයේ දෂ්ට කරන අතර මිනිස් වාසස්ථාන ඇතුළත හා පිටත වාසය කරයි. රෝගීන් පුද්ගලයෙකුගෙන් ලේ උරා බොන විට මෙම වෛරස මදුරුවා තුළට ඇතුළුවන අතර, පසුව එම මදුරුවන් දෂ්ට කිරීම මගින් රෝගය නිරෝගී පුද්ගලයන්ට පැතිරේ.
මෙම වෛරසය ආසාදනයවූ අයගෙන් සියයට 20 කට පමණ රෝග ලක්ෂණ ඇති වේ. උණ, සමේ ඇතිවන කුෂ්ඨ, හන්දි වේදනාව සහ ඇස් රතුවීම ප්‍රධාන රෝග ලක්ෂණ වන අතර මීට අමතරව හිසරදය, මස්පිඩු වේදනාව, කකුල් ඉදිමීම හා ඇස් අවට ඇතිවන වේදනාව දැක්විය හැක. මෙය බරපතළ රෝගී තත්ත්වයක් නොවන අතර, රෝග ලක්ෂණ දින 02 සිට දින 07 ක් දක්වා පැවැතිය හැකිය. රෝහල් ගත කිරීමට තරම් උග්‍රම රෝගය වැලඳෙන්නේ ඉතාමත් විරල වශයෙන් වන අතර මේ දක්වා තහවුරු වූ මරණ කිසිවක් වාර්තා වී නොමැත.
ගර්භනී කාන්තාවන්ට මෙම වෛරස් රෝගය වැලඳීමෙන් විවිධ සංකූලතා ඇති වන බවට වාර්තා පළ වුවත්, පැහැදිලි විද්‍යාත්මක සාක්ෂි මගින් එසේ වන බවට මේ දක්වා තහවුරු කර නොමැත.
උණ, සමේ ඇතිවන කුෂ්ඨ, හන්දි වේදනා, මස්පිඩු වේදනාව සහ 'සිකා' රෝගය ඇති ප්‍රදේශයක සති දෙකක් තුළ සංචාරය කර ඇති අය %සිකා^ රෝගීන් ලෙස සැක කළ යුතුය. PRC (වෛරස් සම්බන්ධව සිදු කරනු ලබන තාක්ෂණයෙන් ඉහළම පරීක්ෂාව) මගින් සහ ලේ සාම්පල වලින් වෛරසය වෙන් කරගැනීම මගින් රෝගය තහවුරු කර ගත හැක.
සාමාන්‍ය‘යෙන් 'සිකා' රෝගය සුළු රෝග ලක්ෂණ ප්‍රමාණයක් පෙන්වන අතර, ඒ සඳහා විශේෂ ප්‍රතිකාර අවශ්‍ය නොවන තරම්ය. රෝගියාගේ ස්වභාවය හා රෝග ලක්ෂණ අනුව ප්‍රතිකාර නියම කෙරේ. හොඳින් විවේක ගැනීම, ප්‍රමාණවත් පරිදි දියර වර්ග පාවිච්චි කිරීම, උණ සහ වේදනාව සමනය කිරීමට පැරසිටමෝල් ඖෂධ භාවිත කිරීම රෝගය සඳහා ප්‍රතිකාර ලෙස නියම කෙරේ. මේ කාලය තුළදී ඇස්ප්‍රින් හෝ ඩිස්ප්‍රින් ඖෂධ ලබා නොදිය යුතුය. රෝගී තත්ත්වය දරුණු නම් වහාම වෛද්‍ය උපදෙස් ලබාගත යුතුය.
මීට අමතරව ඩෙංගු රෝගය මර්දනය කිරීමට භාවිත කරනු ක්රමවේදයන්ම 'සිකා' රෝගය පාලනය කිරීම සඳහා උපයෝගී කර ගන්නා ලෙසත් මෙම රෝගය පිළිබඳ අනියත බියක් ඇතිකර ගත යුතු නැති බවද සෞඛ්‍ය අමාත්‍යාංශය වැඩිදුරටත් දන්වා සිටී.