ලෝක ජනගහනය ඉහළයාම පාලනය කිරීම සඳහා 1973 වසරේදී ක්‍රියාත්මක කළ 'පුංචි පවුල රත්තරං' වැඩසටහන උපයෝගී කරගෙන මේ රට තුළ ක්‍රියාත්මක වන රාජ්‍ය නොවන සංවිධානයක් ගෙවී ගිය වසර 10 ක කාලය තුළදී සිංහල බෞද්ධ කාන්තාවන් අට ලක්ෂ අනූ දහසකට අධික පිරිසක් වඳභාවයට පත්කර තිබෙන බව බොදුබල සේනාජාලය සඳහන් කරයි.
මෙම කාලය තුළ කතෝලික ආගමික ජනතාවගේ 1.5% අන්‍යාගමිකකරණයට ලක්කරගෙන තිබෙන බවත්, මීට අමතරව සිංහල බෞද්ධ ජනතාවගෙන් කොළඹ දිස්ත්‍රික්කය තුළ පමණක් ලක්ෂ එකහමාරකට අධික පිරිසක් සහ මැද පෙරදිග ගොස් සිටිනා පිරිසෙන් අසූදහසක් ඇතුළුව සමස්ත ලංකාවාසීන්ගෙන් ලක්ෂ ගණනක පිරිසක් අන්‍යාගමිකකරණයට ලක් කරගෙන තිබෙන බවද එම සංවිධාන ජාලයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියෝ අවධාරණය කළහ.
ඉන්දික හේවාවිතාරණ/ ඡායාරූප - ක්‍රිෂාන් රණසිංහ