සිංහල අලුත් අවුරුදු සමය මුල්කර ගනිමින් ගම්බිම් බලා යන ජනතාවට ගුණාත්මක හා ප්‍රමාණාත්මක ප්‍රවාහන සේවාවක් ලබාදීමට දුම්රිය දෙපාර්තමේන්තුව, ජාතික ගමනාගමන කොමිෂන් සභාව,
ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය, ලංගමය අප්‍රේල් 08 වැනිදා සිට විශේෂ දුම්රිය සේවා, බස් රථ සේවා ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.
මේ අනුව ජාතික ගමනාගමන කොමිෂන් සභාව අප්‍රේල් 08 වැනිදා සිට අතිරේක බස් රථ 3000ක් යෙදවීමට කටයුතු කරන බවත්, මීට අමතරව අධිවේගී මාර්ගවලත් බස් රථ සංචිතයේ තිබෙනා බස් රථ යොදවාගෙන විශේෂ සේවා ක්‍රියාත්මක කරන බවත් එම කොමිෂන් සභාවේ සභාපති ඩී.එස්. ජයවීර මහතා සඳහන් කළේය.
තාවකාලික බලපත්‍ර ක්‍රමය යටතේ තම සංගමයද සිංහල අලුත් අවුරුදු සමය මූලික කර ගනිමින් අප්‍රේල් 10 වැනිදා සිට විශේෂ බස් සේවාවක් ක්‍රියාත්මක කරන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය සඳහන් කරයි.
මීට අමතරව කණ්ඩායම් වශයෙන් සැකසී බස් රථ වෙන්කරවාගෙන තම අවශ්‍යතා සම්පූර්ණ කිරීමටත් මගීන්ට අවස්ථාව සලසා දී තිබෙන බවත්, මේ අනුව ඕනෑම කණ්ඩායමකට 0112 825948 දුරකථනය ඔස්සේ බස් රථ වෙන්කර ගත හැකි බවද එම සංගමයේ සාභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කළේය. දුම්රිය දෙපාර්තමේන්තුවත් අප්‍රේල් 10 වැනිදා සිට අතිරේක දුම්රිය විශාල ප්‍රමාණයක් ක්‍රියාත්මක කරවන බවත්, එම දුම්රියන් මගී අවශ්‍යතා සලකා බලමින් යොදවන බවත් දුම්රිය ගමනාගමන අධිකාරී එල්.ආර්.ඒ. රත්නායක මහතා සඳහන් කළේය.
ලංගමයද අප්‍රේල් 08 වැනිදා සිට 16 වැනිදා දක්වා කාලය තුළදී පැය 24 පුරාම කොළඹ පිටකොටුව බස් නැවතුම්පොළ තුළින් විශේෂ බස් රථ සේවා යොදවා තිබෙන බවත්, අප්‍රේල් 15 වැනිදා සිට පිට පළාත්වල සිට කොළඹ දක්වාත් බස්රථ සේවා යෙදවීමට සැලසුම් කර තිබෙන බවත් සඳහන් වේ.