මෙරට ප්‍රථම ඔම්බුස්ට්මන්වරයා මෙන්ම පාර්ලිමේන්තුවේ හිටපු මහ ලේකම්වරයෙකුද සෑම් විජේසිංහ මහතාගේ අභාවප්‍රාප්ත විය. දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට (01දා) සවස 4.30ට බොරැල්ල කනත්තේදී සිදුකිරීමට නියමිතය.
දින කිහිපයක් රෝගී තත්ත්වයෙන් පසුවූ ඒ මහතා අද (31දා) සවස මිය යන විට 93 වැනි වියේ පසුවිය.
පාර්ලිමේන්තු මන්ත්‍රී රජීව් විජේසිංහ මහතා ඇතුළු දරුවන් තිදෙනෙකුගේ පියෙකු වන ඔහු මෙරට ප්‍රකට පරිපාලන නිලධාරියෙකු ලෙස හැඳින්විය හැකිය. 1963 සිට පාර්ලිමේන්තු මහ ලේකම් ලෙසත්, 1978 වසරේ සිට පාර්ලිමේන්තුවේ මහ කොමසාරිස් ධුරයද හෙබවූ ඒ මහතා පුවත්පත් පැමිණිලි කොමිසමේ ආරම්භයේ සිට පසුගිය වසර දක්වා සභාපති ධුරයද, මියයන විට ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ කුලපති ධුරය ද හෙබවීය.
මාතර කිරින්ද ගැටමාන්නේ දී උපත ලැබූ ඒ මහතා ඉඩම් හිමි වැවිලිකරුවෙකු වූ ගැටමාන්නේ ඩී.ඒ.එස්. විජේසිංහ මහතාගේ පුත්‍රයෙකි.
මාතර රාහුල විද්‍යාලය, කොළඹ ආනන්ද විද්‍යාලය හා ගල්කිස්ස තෝමස් විද්‍යාලවල ආදි සිසුවෙකු වන ඒ මහතා නීතිවේදියෙකු මෙන්ම, උපාධිධාරියෙකුද වෙයි.
දේහයට අවසන් මහජන ගෞරව දැක්වීමට හෙට පෙරවරු 9.00 සිට කොළඹ 03, ඇල්ෆ්‍රඩ් හවුස්පාරේ අංක 08 දරන නිවසේ තැන්පත් කර ඇත.