අගෝස්තු පළමු වැනිදා සිට සෑම බීම වර්ගයකම අඩංගු සීනි ප්‍රමාණය වර්ණ තීරුවක් මගින් එහි ලේබලයේ සඳහන් කරීම අනිවාර්යය වන බව සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.
ඒ අනුව සෑම බීම වර්ගයකම මිලිලීටර් 100 ක අඩංගු සීනි ප්‍රමාණය ග්‍රෑම් 11ට වැඩි නම් රතු වර්ණයෙන් ද, ග්‍රෑම් 02ත් 11ත් අතර මධ්‍යස්ථ මට්ටමක පවතී නම් නහ වර්ණයෙන්ද ග්‍රෑම් 02ට අඩු නම් කොළ වර්ණයෙන් ද දැක්විය යුතු බව ඒහාසම්බන්ධ ගැසට් නිවේදනයෙහි දැක්වේ.