යුක්තිය පසඳලීමේ කාර්යභාරය වඩාත් කාර්යක්ෂමව සවිබල ගැන්වීම සඳහා සෑම පොලිස් ස්ථානයකම වින්දිතයන් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ ඒකක පිහිටුවීමට අධිකරණ අමාත්‍යාංශය සැලසුම් කර තිබේ.
ඔක්තෝබර් මාසයේ පළමු සතියේ සිට අදාළ ඒකක පිහිටුවීමට සැලසුම් කර තිබෙන අතර, මෙම ඒකක පිළිබඳව හා ඒවායෙන් සිදුවන කාර්යයන් පිළිබඳ සියලුම පොලිස් ස්ථානාධිපතිවරුන් දැනුවත් කිරීමට සැලසුම් කර තිබෙන බවද එම අමාත්‍යාංශය සඳහන් කරයි.
මේ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ පොලිස් ස්ථානාධිපතිවරුන් දැනුවත් කිරීම මේ මස 28 වැනිදා සිදුකෙරේ.
2015 අංක 04 දරන අපරාධ වින්දිතයන් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ පනත් විධිවිධානවලට අනුව ස්ථාපිත කෙරුණු වින්දිතයන් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ අධිකාරි රාජකාරි කටයුතුවලට සහාය වීම සඳහා මෙම ඒකක පිහිටුවීමට සැලසුම් කර තිබේ.