ආබාධිත හමුදා සෙබලුන්ගේ විශ්‍රාම වැටුප් නිසි ක්‍රමවේදයකට අනුව සැලසුම් සහගතව සිදුකිරීම අවශ්‍ය බැවින් ඒ සඳහා කොපමණ කාල සීමාවක් ගතවේදැයි තීරණය කිරීම අපහසු බව යුද හමුදා මාධ්‍ය අධ්යක්ෂ බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර මහතා අද (26) පැවසීය.
ආරක්ෂක අමාත්‍යාංශය, විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව, මුදල් අමාත්‍යාංශය මෙහිදී එක්ව කටයුතු කරන බවද ආරක්ෂක අමාත්‍යාංශයේ මාධ්‍ය කේන්ද්‍රයේ කැඳවා තිබූ ප්රවෘත්ති සාකච්ඡාවකදී ඔහු කීය.
මෙයට අදාළව ඊයේ රාත්රියේදී ආරක්ෂක ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් ආරක්ෂක අමාතාංශයේදී සාකච්ඡාවක් පැවැත්වු බවත්, එම අවස්ථාවට මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා, යුද හමුදාපතිවරයා, අනෙකුත් හමුදාවල ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, විශ්‍රාම වැටුප් අධ්යක්ෂ ජනරාල්වරයා සහභාගී වු බවත් ජයවීර මහතා සඳහන් කළේය.
ත්‍රිවිධ හමුදාවේ ආබාධිත විශ්‍රාම සෙබලුන්ගේ වාර්තා විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට යවා තිබෙන බවත්, ඔවුන් එය අධ්‍යයනයකොට නිසි ක්‍රමවේදයක් සකස් කළ පසුව අරක්ෂක අමාත්‍යාංශයට තීරණයක් ගතහැකි බවද ඒ මහතා පවසා සිටියේය.
දැනට පිටකොටුව ප්‍රදේශයේ උද්ඝෝෂණ කරන ආබාධිත සෙබලුන් සමග මාසයක කාලයක් ඇතුළතදී ආරක්ෂක ලේකම්වරයා සාකච්ඡාවක් පැවැත්වු බවද බ්‍රිගේඩියර්වරයා ප්‍රකාශ කළේය.