ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමාගේ 150 වැනි ජන්ම දින සංවත්සරය යෙදෙන 2014 සැප්තැම්බර් මස 17 වැනි දින 'ශ්‍රීමත් අනගාරික ධර්මපාල දිනය' ලෙස නම් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
එම දිනය අනගාරික ධර්මපාල දිනය ලෙස නම් කිරීමට මහා සංඝරත්නය හා අනෙකුත් බෞද්ධ සංවිධාන විසින් කළ යෝජනාවක් සලකා බැලූ රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍ය ඩබ්.ඩී.ජේ. සෙනෙවිරත්න මහතා ඉදිරිපත් කළ යෝජනාවට මෙසේ කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
ඒ සඳහා අග්‍රාමාත්‍ය කාර්යාලයේ හා බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යාංශයද එකඟ වී ඇත.