යාපනය චාවකච්ඡේරි ප්‍රදේශයේ සිට සුඛෝපභෝගී මෝටර් රථයකින් මත්ද්‍රව්‍ය කිලෝ 15 කට ආසන්න ප්‍රමාණයක් කොළඹට රැගෙන යමින් සිටි සැකකරුවෝ දෙදෙනෙක් වවුනියාව සංචාරක පොලිස් අංශය විසින් ඊයේ (29දා) අත්අඩංගුවට ගනු ලැබ තිබේ. ලැබුණු තොරතුරකට අනුව කළ වැටලීමකදී සැකකරුවන් දෙදෙනා හා අදාළ මෝටර් රථය අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරුවෝ වයස 35 ත් 43 ත් වයසවල පසුවන දෙහිවල ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට පොලීස් ප්‍රශ්න කිරීම්වලදී හෙළිවී තිබේ.