සැඩ පහරකට හසු වූ තිදෙනෙකු බේරා ගැනීමට ගිය පොලිස් නිලධාරියෙකු අද (25දා) දියේ ගිලී අතුරුදන්ව ඇති බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
මෙලෙස අතුරුදන්ව ඇත්තේ 29 හැවිරිදි මලගමුව ගිරිවුල්ලේ පදිංචි දසනායක පතිරැනැහැලාගේ ඩිලාන් සම්පත් නමැති පොලිස් කොසතාපල්වරයෙකි.
අතුරුදන්ව ඇති නිලධාරියා ඇතුළු පොලිස් නිලධාරීන් පිරිසක් මාදම්පේ ප්රදේශයේ ගල්මුරුව දකුණ, ගල්වල ප්රදේශයේදී ගංවතුරේ සැඩ පහරකට හසුව ගසාගෙන යමින් සිටි තිදෙනෙකු බේරා ගැනීමට කටයුතු කර ඇති අතර එම අවස්ථාවේ මෙම පොලිස් නිලධාරියා සැඩ පහරකට හසුව ගසාගෙන ගොස් තිබේ.
මේ වනවිට නාවික හමුදාව ඇතුළු පිරිස් අතුරුදන් වූ නිලධාරියා සොයා මෙහෙයුම් දියත් කොට ඇත.