පැරීසියේ නෝට්රේ ඩේම් දේවස්ථානය අසලදී ගෑස් සිලින්ඩර හතක් රැගත් මෝටර් රථයක් සමග ත්‍රස්ත සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට ප්‍රංශ පොලීසිය අද (07දා) කටයුතු කර තිබේ.
අංක තහඩු නොමැති මෙම රථයේ ඉදිරිපස අසුනේ කුඩා පෙට්ටියක් තිබී ඇති අතර, ඒ තුළ බෝම්බ පුපුරුවා හරින ඩෙටනේටරයක් නොතිබුණත්, අරාබි භාෂාවෙන් ලියැවුණු ලියවිල්ලක් තිබූ බවත් පොලීසිය කියයි.
පසුගිය වසරේ නොවැම්බර් මාසයේදී පැරීසියට එල්ල වූ IS ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්ත ප්‍රහාරයෙන් පුද්ගලයන් 130 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ අතර, ඉන් අනතුරුව පැරීසියේ ත්‍රස්ත අවදානම් මට්ටම ඉහළ නැංවීමට බලධාරීන් කටයුතු කරනු ලැබීය.
මෙම මෝටර් රථයේ සිදුවීම සම්බන්ධයෙන්ද එම රථයේ හිමිකරු ඇතුළු තවත් පුද්ගලයන් කිහිප දෙනෙකු අත්අඩංගුවට පත්ව ඇති බව ප්‍රංශ මාධ්‍ය පවසයි.