කරුවලගස්වැව ප්රාදේශීය සභා උපසභාපතිවරයා පොලිස් කොස්තාපල්වරයෙකුට පහරදීමේ සිදුවීමට අදාළව නිසිපරිදි ක්රියාත්මක නොවීම හේතුවෙන් අධිකරණයේ දෝෂදර්ශණයට ලක්වූ සාලිය වැව පොලිස් ස්ථානාධිපතිවරයා නුවරඑළියට මාරු කර තිබේ.
පොලීස් ආරංචිමාර්ග සඳහන් කළේ පොලිස්පතිවරයාගේ නියෝගය පරිදි මෙම මාරුව සිදුකර ඇති බවයි. කරුවලගස්වැව ප්රාදේශීය සභාවේ උපසභාපතිවරයා අනවසරයෙන් වැලි ප්රවාහනය කරමින් සිටියදී අත්අඩංගුවට ගත් අතර එහිදී පොලිස් කොස්තාපල්වරයෙකුට පහරදීමට උපසභාපතිවරයා කටයුතු කරනු ලැබීය.