සාලාව යුද හමුදා කඳවුරේ ඇති වූ හදිසි තත්ත්වය හේතුවෙන් සම්පූර්ණයෙන් නිවාස අහිමි වූ ජනතාව වෙනුවෙන් ලබාදෙන වන්දි මුදල් ඉදිරි මාස තුනක කාලය සඳහාද ලබාදීමට කටයුතු කරන බව මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා පවසා සිටියේය.
අමාත්‍යවරයා මේ බව කියා සිටියේ සාලාව යුද හමුදා කඳවුරේ හදිසි තත්ත්වයෙන් විපතට පත් ජනතාවගේ ගැටලු සොයා බැලීම සඳහා අද (21දා) මුදල් අමාත්‍යාංශයේ පැවැති විශේෂ සාකච්ඡාවකට එක්වෙමිනි.
ඊට අදාළ කැබිනට් පත්‍රිකාව ආපදා කළමනාකරණ අමාත්‍යංශය හා ඒකාබද්ධව ඉදිරිපත් කරන බවද අමාත්‍යවරයා පෙන්වා දෙයි. පසුගිය ජූනි මස 05 වැනිදා සාලාව යුද හමුදා කඳවුරේ ඇතිවූ හදිසි තත්ත්වයෙන් හානියට පත් නිවාස වෙනුවෙන් රු.50,000/- ක් දක්වා වූ දීමනාවක් මාස තුනක කාලයක් ලබාදීම සඳහා මීට පෙර තීරණය කර තිබුණි.