(Video) සාලාව හමුදා කඳවුරේ පිපිරීම සම්බන්ධයෙන් හානිවූ නිවාස සහ ව්‍යාපාරික ස්ථාන 2066 ක් පිළිබඳ තක්සේරුවක් තක්සේරු දෙපාර්තමේන්තුව මගින් ලබාදී ඇති බව කොළඹ දිස්ත්‍රික් ලේකම් සුනිල් කන්නංගර මහතා පැවසීය.
ඒ අතුරින් ලක්ෂ 10ට අඩු හානි පුර්ණයන් සඳහා 1641 දෙනෙකුට වන්දි ගෙවා අවසන් බවත්, ලක්ෂ 10ට වඩා වැඩි හානි පුර්ණයන් සඳහා පළමු කොටසේ වන්දි මුදල් 142දෙනෙකු වෙත ගෙවා ඇති බවත් සුනිල් මහතා ප්‍රකාශ කළේය.
ලක්ෂ 10ට වැඩි 3දෙනෙකුට සහ ලක්ෂ 10ට අඩු 230දෙනෙකුට තවමත් හානී පුර්ණයන් ගෙවීමට ඇති බවත් මොවුන් විරෝධතා ඉදිරිපත් වූ පුද්ගලයන් බැවින් මේ සම්බන්ධයෙන් තීරණයක් ගන්නට සිදුව ඇති බවද හෙතෙම කීය.
එමෙන්ම බැංකු ගිණුම් ලබානොදුන් පුද්ගලයෝ වන්දි මුදල ප්‍රමාණවත් නැති බව කියු පුද්ගලයෝ මෙලෙස ඉතිරී වී ඇති බවද ලේකම්වරයා ප්‍රකාශ කළේය.
හානිපුර්ණයන් සඳහා මේ වනවිට රජයට රුපියල් මිලියන 392ක් වියදම් වී ඇති බව සුනිල් මහතා පැවසුවේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදීය.
VIDEO