සිය සාර්ථක මැතිවරණයේ නිමාව පිළිබඳව ශ්‍රී ලාංකික ජනතාව වෙත ගෞරවය හිමි විය යුතු බව ඇමෙරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී පවසයි.
ශ්‍රී ලාංකිය ජනතාව වැඩි ඡන්ද ප්‍රමාණයක් සටහන් කිරීමෙන් සිය ප්‍රජාතාන්ත්‍රික අයිතිය භාවිත කළ බවත්, සෑම ඡන්දයකින්ම ජයග්‍රහණය තහවුරු වී ඇති බවත් හෙතෙම නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.
එමෙන්ම, ඇමෙරිකාවේ ප්‍රශංසාව ශ්‍රී ලංකාවේ මැතිවරණ කොමසාරිස්වරයාටත්, ආරක්ෂක හමුදා සාමාජිකයන්ටත්, ශ්‍රී ලංකා සිවිල් සමාජ සාමාජිකයින්ට සහ මෙම මැතිවරණය කලබලවලින් තොරව, ප්‍රචාරණ සමයේ ප්රචණ්ඩත්වයේ සැලකිය යුතු අඩුවීමක් තහවුරු කළ ජනාධිපති අපේක්ෂකයන්ටත් පළ කරන බව හෙතෙම කියයි. මෙම වාතාවරණය ඉදිරි දින කිහිපයේදීද පවත්වා ගැනීම ඉතා වැදගත් බවද හෙතෙම වැඩිදුරටත් පවසයි.
එහිදී, මැතිවරණ ප්‍රතිඵලය භාර ගනිමින් සාමකාමීව, එමෙන්ම, ක්‍රමවත්ව බලය භාරදීමේ ශ්‍රී ලාංකික ප්‍රෞඪ චාරිත්‍රය ගරු කිරීම පිළිබඳව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත ගෞරවය ප්‍රකාශ කරන බවද ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා කියයි.
ජනතා තීන්දුවට හිස නමමින්, ඉදිරියට යාම පිළිබඳව ඔහු කළ ප්‍රකාශය අතිශය වැදගත් බවද හෙතෙම පවසයි.
සිය නව රජය පිහිටුවීමෙන් පසු ඔහුගේ ප්‍රචාරණ වේදිකාවේ සඳහන් වූ සාමකාමී, ප්‍රජාතාන්ත්‍රික සහ සමෘද්ධිමත් ශ්‍රී ලංකාවක් කරා කටයුතු කිරීම පිළිඳව තේරී පත් වූ අභිනව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සමගින් කටයුතු කිරීම තමාගේ ඉමහත් අපේක්ෂාව බවද ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා අවධාරණය කරයි.