සාර්ක් සංස්කෘතික මධ්‍යස්ථානය සිව්වන වරටත් සංවිධානය කරන සාර්ක් චිත්‍රපට උළෙල මෙම මැයි මස 22 වැනිදා සිට 25 වැනිදා දක්වා ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාවේ සිනමා ශාලාවේදී පැවැත්වීමට කටයුතු යොදා ඇති බව පැවසෙයි.
මෙම චිත්‍රපට උළෙල සඳහා දකුණු ආසියානු කලාපීය සාමාජික රාජ්‍යයන් වන ඇෆ්ගනිස්ථානය, බංගලාදේශය, භූතානය, ඉන්දියාව, මාලදිවයින , නේපාලය, පාකිස්ථානය හා ශ්‍රී ලංකාව යන රටවල් නියෝජනය කරනු ලබයි.
සාර්ක් චිත්‍රපට උලෙළ සඳහා වෘතාන්ත හා කෙටි චිත්‍රපට ප්‍රදර්ශනය සඳහා ඉදිරිපත් කෙරෙන අතර සියලු චිත්‍රපට දර්ශන මහජනතාවට නොමිලේ නැරඹීමේ අවස්ථාව හිමිවන බවද පෙන්වා දෙයි.
මෙහි සමාරම්භක උත්සවය 20දා පස්වරු 5.30ට සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍ය ටී. බී. ඒකනායක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථා සිනමා ශාලාවේදී පැවැත්වීමට නියමිතය.
මෙම උලෙළ සඳහා ඒ ඒ රටවල් නියෝජනය කරනු ලබන චිත්‍රපටවල අධ්‍යක්ෂකවරුන් හා නළු නිළියන්ද සහභාගීවීමට නියමිතය.
සාර්ක් චිත්‍රපට උලෙළේදී දකුණු ආසියානු රටවල හොඳම චිත්‍රපට නැරඹීමට චිත්‍රපට ලෝලීන්ට ලැබෙන අද්විතීය අවස්ථාවක් වන බවත්, චිත්‍රපට කලා මාධ්‍යයේ නියැලී සිටින සහ ඒ පිළිබඳ උනන්දුවක් දක්වන සියලු දෙනාටම මෙම චිත්‍රපට උලෙළ නැරඹීමට පැමිණෙන ලෙසත් සංවිධායක මණ්ඩලය ඉල්ලා සිටියි.