සාර්ක් සංවිධානය එහි සියලු සාමාජිකයන්ට පිළිගත හැකි ප්රතිඵල ලබා දෙන්නට අසමත් වන්නේ නම්, එහි අනාගතය අඳුරු විය හැකි බවත්, එවිට ශ්රී ලංකාවට වෙනත් විකල්ප සෙවීමට සිදුවන බවත් අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා පැවසීය.අග්රාමාත්යවරයා මෙම අදහස් ප්රකාශ කළේ ඊයේ (03දා) නවසීලන්ත පාර්ලිමේන්තු මන්දිරයේ, ප්රධාන ශාලාවේ පැවැති විශේෂ දේශනයක් අමතමිනි.
‘ශ්රී ලංකාව සහ ලෝකයේ ඊට හිමි තැන’ මැයෙන් දේශනය පැවැත්වීය. මෑතකදී යුරි ප්රදේශයේ ඉන්දීය හමුදා කඳවුරකට එල්ල වුණු ත්රස්ත ප්රහාරයක් හේතුවෙන් මතුවුණු අර්බුදකාරී පසුබිම මත නොවැම්බරයේ ඉස්ලමාබාද් නගරයේ පැවත්වීමට නියමිතව තිබූ සාර්ක් සමුළුව අවලංගු කිරීමට සිදු වූ බවය.
ශ්රී ලංකාව 1985 වසරේදී සාර්ක් සංවිධානයට දේශසීමා ත්රස්තවාදය වැළැක්වීම සම්බන්ධව යෝජනාවක් ඉදිරිපත් කළද, එය ද්විපාර්ශ්වීය ගැටලුවක් හෙයින් පිළිගත නොහැකි බව සංවිධානය පැවසූ බව වික්රමසිංහ මහතා සිහිපත් කළේය. නමුත් මෙවර සාර්ක් සමුළුව අර්බුදයකට ලක්වී ඇත්තේ දේශසීමා ත්රස්තවාදය හේතුවෙන් බවද අග්රාමාත්යවරයා පෙන්වා දුන්නේය.
කෙසේ වෙතත් සාර්ක් සමුළුව ඔස්සේ වැදගත් කාර්ය භාරයක් සිදු කළ හැකි බැවින්, සාර්ක් රාජ්ය නායක සමුළුව පැවැත්වීම අතිශය වැදගත් බව පැවසූ වික්රමසිංහ මහතා, මතුවී ඇති තත්ත්වයන්ට සරිලන අයුරින්, සියලුම සාමාජික රටවලට එකඟ විය හැකි පදනමක් මත සමුළුව ඉදිරියට ගෙන යා යුතු බව පෙන්වා දුන්නේය.
යම් හෙයකින්, සාර්ක් සමුළුව ඒ අභිමතාර්ථ ඉෂ්ට කරගැනීමට අසමත් වුවහොත් සාර්ක් අනාගත අඳුරු විය හැකි බවටද වික්රමසිංහ මහතා අනතුරු හැඟවීය.