සාරධර්ම විරෝධී කටයුතු එපා- මහානාහිමිවරු ජනපතිට ලියති
ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනත යටතේ යෝජිත ව්‍යපෘති තුළ සාරධර්ම විරෝධී කටයුතුවලට කිසිසේත්ම ඉඩ නොතැබිය යුතු බව ත්‍රෛනිකායක මහනායක හිමිවරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් ලිඛිතව ඉල්ලා සිටිති.
ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනත යටතේ ප්‍රකාශයට පත්කරන ලද අතිවිශේෂ ගැසට් පත්‍රයේ අනුශාංගික පහසුකම් සැලසීම පිළිබඳ නිශ්චිත අර්ථකථනයක් දක්වා නොමැති බවත්, ඒ තුළින් සුරාව, සූදුව, ඔට්ටු ඇල්ලීම, ගණිකා වෘත්තිය වැනි දුරාචාර ඇතුළත්වීමට ඉඩ ඇති බවත්, මහනාහිමිවරු සිය ලිපියෙන් ජනාධිපතිවරයාට පෙන්වා දෙති.
ත්‍රෛනිකායික මහනායක හිමිවරුන් වන මල්වතු පාර්ශ්වයේ මහනායක පූජ්‍ය තිබ්බොටුවාවේ ශ්‍රී සුමංගල, අස්ගිරි පාර්ශ්වයේ මහනායක පූජ්‍ය උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත, අමරපුර මහ නිකායේ මහනායක පූජ්‍ය දවුල්දෙන ඤාණිස්සරාභිධාන, රාමඤ්ඥ නිකායේ මහනායක පූජ්‍ය නාපාන පේමසිරි යන මහනාහිමිවරුන්ගේ අත්සනින් යුතුව නිකුත්කර ඇති මෙම ලිපියේ වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ එම පනත සංශෝධනය කිරීමට නිසි පියවර ගන්නා ලෙසත්, අවශ්‍ය කරුණ ඍජුව අර්ථකථනය කරන ලෙසත්ය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

