අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අද (09 දා) ආරම්භ වන අතර අද (09 දා) සිට දෙසැම්බර් මස 18 වැනි දින දක්වා විභාගය පැවැත්වීමට නියමිතයි.මෙවර විභාගය සඳහා අපේක්ෂකයින් පන්ලක්ෂ හැත්තෑහත් දහස් දෙසිය විසිදෙනෙකු අයදුම් කර ඇති බවත් පාසල් අයදුම්කරුවන් තුන්ලක්ෂ හැත්තෑ දහස් හත්සිය තිස්නමයක් සහ පෞද්ගලික අයදුම්කරුවන් දෙලක්ෂ හයදහස් හාරසිය අසු එක් දෙනෙකු ඊට අයත් වන බවත් විභාග කොමසාරිස්වරයා පවසා සිටී.