මෙගාවොට් 500ක ධාරිතාවයකින් යුක්තව ඉදිකිරීමට නියමිත සාම්පූර් බලාගාරයේ පළමු අදියරේ ඉදිකිරීම් සඳහා ජපානයේ පූර්ණ සහයෝගය ලබාදෙන බව, ජපන් රජයේ තානාපති කෙනචි සුගනුමා මහතා පැවැසීය. තානාපතිවරයා හා විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා සමග අමාත්‍යාශ පරිශ්‍රයේ පැවති නිල සාකච්ඡාවකදී ඔහු මේ බව පැවැසීය.
ලොව තාප බලාගාර සම්බන්ධව මේ වනවිට පවතින නවීනතම තාක්ෂණය, සාම්පූර් බලාගාරය ඉදිකිරීම වෙනුවෙන් යොදා ගැනීමට ජපානය සූදානම් බවත් වඩාත් පරිසර හිතකාමී ව්‍යාපාතියක් ආකාරයෙන් සාම්පූර් බලාගාර ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවීමටද අදහස්කරන බවත් ඔහු සඳහන් කළේය.ලබන වසරේදී ව්‍යාපෘතියේ ඉදිකිරීම් ආරම්භ කිරීමට නියමිතය.