සාමකාමී පරිසරයක් වෙනුවෙන් ඕනෑම සහයක් දෙනවා - මුස්ලිම් සංවිධාන
ට තුළ සාමකාමී පරිසරයක් ගොඩනැගීමට අවශ්‍ය ඕනෑම සහයක් ලබාදීමට තමන් සූදානම් බව මුස්ලිම් සංවිධාන නියෝජිතයෝ ජනපති හමුවේ පැවසූහ.
රට තුළ මේ වන විට උද්ගතව ඇති තත්ත්වය සාකච්ඡා කිරීමට මුස්ලිම් සංවිධාන නියෝජිතයෝ ඊයේ (07දා) පස්වරුවේ ජනපති හමු වූ අවස්ථාවේදී මේ බව ප්‍රකාශ කළහ.
ඉතා සුළු අන්තවාදී පිරිසක් මෙම සිදුවීම් ඇති කරන බැවින් ඔවුන් අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක වෙමින් පවතින බව ජනපතිවරයා ඔවුන්ට අවධාරණය කර තිබේ.
ජාති සහ ආගම් භේද මතු කරමින් කලක් තිස්සේ වරින්වර සිදුවන මෙවැනි ගැටුම් ඇතිවීම ඉදිරියේදීවත් වැළැක්වීමට සුදුසු දීර්ඝකාලීන විසඳුමක් වත්මන් ජනපතිවරයාගේ ධුර කාලය තුළදීම ලබාගැනීමට අපේක්ෂා කරන බව අදාළ නියෝජිතයෝ ජනපති හමුවේ ප්‍රකාශ කළහ.
මෙම සංවිධාන එකමුතුවට සිලෝන් ජමෙයිතුල් උලමා සංවිධානයේ නායකයන් සහ මුස්ලිම් සිවිල් සමාජයේ නියෝජිතයන් සහභාගි වූ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.


