සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටීමට නියමිත විශේෂ අවශ්‍යතා සහිත අයදුම්කරුවන්ට සහන සැලසීම සඳහා පැවැත්වෙන සම්මුඛ පරීක්ෂණවලට සහභාගීවීමට නොහැකිවූ සියලුදෙනාට විභාග දෙපාර්තමේන්තුවට පැමිණ අදාළ පහසුකම සලසා ගැනීමට අවශ්‍ය කටයුතු කරගත හැකි බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
විශේෂ අවශ්‍යතා සහිත අයදුම්කරුවන්ට සහන සැලසීමට අදාළ සම්මුඛ පරීක්ෂණ මේ මස 14 වන දින සිට නොවැම්බර් 20 දක්වා කාලය තුළදී මධ්‍යස්ථාන 28කදී පවත්වන බවද විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ. පුෂ්පකුමාර මහතා සඳහන් කළේය.
යම් ලෙසකින් අදාළ දිනයන්හිදී අදාළ පරීක්ෂණවලට පැමිණීමට නොහැකි වුවහොත් ඒ සියලුදෙනාම තමන්ට අවශ්‍ය පහසුකම් ලබාගැනීම සඳහා විභාග දෙපාර්තමේන්තුවට පැමිණිය යුතු බවද පවසා සිටියේය.
විභාග දෙපාර්තමේන්තුවට පැමිණීමට පෙර ඒ පිළිබඳව 0112785230 හෝ 0112177075, 1911 දුරකථන වලින් විමසිය යුතු බවද විභාග කොමසාරිස්වරයා සඳහන් කළේය.
3. පුත්තලම - 2016.10.21 පෙ.ව. 9.00 කලාප අධ්‍යාපන කාර්යාලය, පුත්තලම
4. අනුරාධපුරය - 2016.10.21 පෙ.ව. 11.30 විශේෂ අධ්‍යාපන සම්පත් මධ්‍යස්ථානය , අනුරාධපුර
5. යාපනය - 2016.10.22 - පෙ.ව. 9.00 කලාප අධ්‍යාපන කාර්යාලය, යාපනය
6. කිලිනොච්චි - 2016.10.23 - පෙ.ව. 9.30 කලාප අධ්‍යාපන කාර්යාලය, කිලිනොච්චි
7. වව්නියාව - 2016.10.23 - ප.ව. 2.30 කලාප අධ්‍යාපන කාර්යාලය, වව්නියාව
8. කළුතර - 2016.10.27 - පෙ.ව. 9.00 කලාප අධ්‍යාපන කාර්යාලය, කළුතර
9. ගාල්ල - 2016.10.27 - ප.ව. 2.30 පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව, ගාල්ල
10. තංගල්ල - 2016.10.28 - පෙ.ව. 9.00 හ/ රාහුල මහා විද්‍යාලය, තංගල්ල
11. මාතර - 2016.10.28 - පෙ.ව. 2.30 මාර/ රෝහණ විශේෂ පාසල, මාතර
12. හලාවත - 2016.11.01 - පෙ.ව. 9.00 - කලාප අධ්‍යාපන කාර්යාලය, හලාවත
13. නිකවැරටිය - 2016.11.01 - ප.ව. 2.30 - කලාප අධ්‍යාපන කාර්යාලය, නිකවැරටිය
14. කුරුණෑගල, කුලියාපිටිය - 2016.11.02 - පෙ.ව. 9.30 - ශ්‍රී නිශ්ශංක මහා විද්‍යාලය, කුරුණෑගල
15. මහනුවර - 2016.11.05 - පෙ.ව. 9.30 - රා/ රාසිංදේවී මහා විද්‍යාලය, මහනුවර
16. නුවරඑළිය - 2016.11.06 - පෙ.ව. 9.30 - කලාප අධ්‍යාපන කාර්යාලය, නුවරඑළිය
17. මාතලේ - 2016.11.12 - පෙ.ව. 9.30 - මා/ විජය විද්‍යාලය, මාතලේ
18. පොළොන්නරුව - 2016.11.12 - ප.ව. 2.30 - කලාප අධ්‍යාපන කාර්යාලය, පොළොන්නරුව
19. මඩකලපුව - 2016.11.13 - පෙ.ව. 9.00 - කලාප අධ්‍යාපන කාර්යාලය, මඩකලපුව
20. රත්මලාන අඳ බිහිරි විද්‍යාලය - 2016.11.16 - පෙ.ව. 10.00 - රත්මලාන අන්ධ විද්‍යාලය
21. කොළඹ, හෝමාගම - 2016.11.17 - පෙ.ව. 9.30 - ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව
22. රත්නපුර - 2016.11.18 - පෙ.ව. 9.30 - ර/ ධර්මපාල විද්‍යාලය, රත්නපුර
23. බණ්ඩාරවෙල - 2016.11.18 - ප.ව. 2.30 - කලාප අධ්‍යාපන කාර්යාලය, බණ්ඩාරවෙල
24. බදුල්ල - 2016.11.19 - පෙ.ව. 10.00 - කොට්ඨාස අධ්‍යාපන කාර්යාලය, බදුල්ල
25. මොණරාගල - 2016.11.19 - ප.ව. 2.30 - කලාප අධ්‍යාපන කාර්යාලය, මොනරාගල
26. අම්පාර - 2016.11.20 පෙ.ව. 9.00 - කලාප අධ්‍යාපන කාර්යාලය, අම්පාර