අධ්‍යයන පොදු සහතික පත්‍ර සමාන්‍ය පෙළ විභාගයට අදාළ සියලුම ප්‍රවේශ පත්‍ර තැපැල් කර යැවූ බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
පෞද්ගලික අයදුම්කරුවන්ට පෞද්ගලික ලිපිනයන්ට තැපැල් කර යවා තිබෙන බවත්, මේ මස 25 වැනිදා වනවිට ප්‍රවේශ පත්‍ර නොලැබුණහොත් ඒ පිළිබඳව විභාග දෙපාර්තමේන්තුවේ පාසල් විභාග ශාඛාව දැනුවත් කරන ලෙසත් ඉල්ලා සිටියි.
මීට අමතරව ප්‍රවේශ පත්‍රයට අදාළ සංශෝධන සිදුකිරීමට අවශ්‍ය නම් ඒ පිළිබඳව මේ මස 29 වැනිදාට පෙර සිදුකර ගත යුතු බවද විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ. පුෂ්ප කුමාර මහතා සඳහන් කළේය.
විදුහල්පතිවරුන්ට ලැබෙන ප්‍රවේශ පත්‍ර කිසිදු ප්‍රමාදයකින් තොරව අයදුම්කරුවන්ට ලබාදිය යුතු බවත්, පාසල් අයදුම්කරුවන්ට සංශෝධන සිදුකිරීමට අවශ්‍ය නම් ඒ පිළිබඳව විදුහල්පතිවරයා හරහා සිදුකර ගත හැකි බවද හෙතෙම පවසා සිටියේය.
විභාග දෙපාර්තමේන්තුවේ පාසල් විභාග ශාඛාවට 011-2784208, 011-2784537,1911 දුරකථන අංක මගින් සම්බන්ධ විය හැකිය.