සාපෙළ ප්‍රතිඵල නිසා සිසුවියක් දිවි නසා ගනියි
මුලතිව් පුදුකුඩිඉරිප්පු කයිවේලි ප්‍රදේශයේදී අද (29දා) පාසල් සිසුවියක ළිඳට පැනීමෙන් සියදිවි හානි කරගෙන ඇතයි පුදුකුඩිඉරිප්පු පොලීසිය පවසයි.
මුලතිව් වල්ලිපුලම් මහා විද්‍යාලයේ ඉගෙනුම ලැබූ ශාන්තලිංගම් ආශියා (17) නමැත්තියක මෙම සිද්ධියට මුහුණදී තිබේ.
පසුගිය වසරේ පැවති සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දුන් තම මිනිබිරිය ඊයේ (28දා) රාත්‍රියේ විභාග ප්‍රතිඵල නිකුත් වූ අවස්ථාවේ සිට ඉතා දුකින් රාත්‍රිය ගෙවූ බවත්, අද උදෑසන ඇය නිවසේ නොසිටි හෙයින් විපරම් කොට බැලීමේදී ගෙවත්තේ පිහිටි ළිඳට පැන ඇති බවට ලකුණු පහළවීම හේතුවෙන් අසල්වැසියන් හා එක්ව එය පරික්ෂා කිරීමේදී සිසුවියගේ සිරුර හමු වූ බවට මියගිය සිසුවියගේ මිත්තනිය පුදුකුඩිඉරිප්පු පොලීසියට පවසා ඇත.
අදාළ සිසුවියගේ පියා යුද සමයේදී ජීවිතක්ෂයට පත්වීම නිසා ඇගේ මව වෙනත් විවාහයක් සිදු කර ගැනීම හේතුවෙන් අදාළ සිසුවිය සිය මිත්තනිය සමීපයේ සිට ඇති බවට අනාවරණය වී ඇතැයි ද පොලීසිය පවසයි.
පුදුකුඩිඉරිප්පු පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

