අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍යපෙළ විභාගයෙන් විශිෂ්ඨ දක්ෂතා දැක්වූ ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය කරන දියණියන් දෙදෙනෙකු අද ( 23දා) ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතාගේ විශේෂ ඇගයීමකට ලක්වීය.
දිවයිනේ දෙවන ස්ථානය දිනාගත් ගම්පහ සිරිකුරුස විද්‍යාලයේ සඳනි නවංජනා ජයවර්ධන ශිෂ්‍යාවට සහ දිවයිනේ තෙවන ස්ථානය දිනාගත් ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයේ එස්.ඒ. නුවණි මෙත්සරණි ශිෂ්‍යාවන් මෙසේ ඇගයීමට ලක්වූ අතර අමාත්‍යවරයා විසින් ඔවුන්ගේ ඉදිරි අධ්‍යාපන කටයුතු සඳහා මුදල් ත්‍යාග පිරිනැමීය.
මෙහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා සඳහන් කළේ, ඉදිරියේදීද ගම්පහ දිස්ත්‍රික්කයෙන් අධ්‍යාපනයෙන් විශිෂ්ඨ දක්ෂතා පිරි දරුවන් බිහිවීම තම අපේක්ෂාව බවයි.