හිටපු ජනපතිගේ පන්සල් දේශපාලනය හෙළාදකින බව වරාය හා නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවසීය.
“ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගැන හැමෝටම විවිධ අදහස් තියෙනවා. මට තියෙන අදහස නෙවෙයි තව අයට තියෙන්නේ. හිටපු ජනාධිපතිතුමා කරගෙන යන ක්‍රියාදාමය මම අනුමත කරන්නේ නැහැ. එතුමා ඕනම ගමකට ගිහින් ඕනම මන්ත්‍රීවරයෙක් සමඟ මිනිස්සු හම්බවෙන එක අපට නවත්තන්න අවශ්‍යතාවයක් නෑ. ඒක ප්රජාතන්ත්රවාදය. නමුත් එහි තිබෙන නරකම දේ තමයි එතුමා පංසලකට ගියත් පංසලේ සෙනඟ ගෙන්නලා පංසලේ දේශපාලනය කිරීම මම අනුමත කරන්නේ නෑ. අද වෙනකං මම නම් පංසල් වල දේශපාලනය කරලා නෑ. සාමාන්‍යයෙන් අපි පංසලකට යනකොට සාධු සාධු කියන එක අද පංසලේ මිනිස්සු ජයවේවා කියලා කෑගහන තත්වයට පත්වෙලා. එතුමා කරන මේ ක්‍රියාවෙන් පක්ෂය, විතරක් නෙවෙයි බෞද්ධ සංස්කෘතියත් විනාශ වෙනවා. මම හිතනවා එතුමාට අඩුකරමින් දැන්වත් බුද්ධිය වත් පහළ වෙලා මේ වැඩේ නතර කරයි කියලා.අපේ හිටපු ජනාධිපතිතුමා මේ කරන ක්‍රියාදාමය මම පිළිකුලෙන් හෙළා දකිනවා”
නුවෙන්ද හෙතෙම පැවසුයේ එම හමුව ඊයේ (30) අත්තනගල්ල ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාර්යාලයේදී කෘෂිකර්ම පර්යේෂණ නිලධාරීන් පිරිසක් හමු වූ අවස්ථාවේදී ය..