මෙවර සාධාරණ මැතිවරණයක් පැවැතුණහොත් රට තුළ ඇති වන වෙනස කාටත් දැකගත හැකි බව එක්සත් භික්ෂු පෙරමුණේ සභාපති පූජ්‍ය මීටියාගොඩ ගුණරතන හිමියෝ පැවසූහ.
උන්වහන්සේ එසේ ප්‍රකාශ කළේ අද (03දා) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදීය.
එක්සත් භික්ෂු පෙරමුණ මහින්ද රාජපක්ෂ මහතා සමග පෞද්ගලික තරහක් නොමැති බවත්, ඔහුගේ ක්රියාවේ තිබෙන්නා වූ වැරදි නිවැරදි කරගැනීමට අනුශාසනා කළ බවත් උන්වහන්සේ වැඩිදුරටත් පැවසූහ.