පාකිස්තානයේදී නොවැම්බර් මස 9 දා හා 10 දා පැවැත්වීමට නියමිතව තිබූ සාක් සමුළුවට එක් නොවිමට ශ්‍රී ලංකා ගත් ක්‍රියාමාර්ගය කනගාටුවට කරුණක් බව හිටපු විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසයි.
නිවේදයනක් නිකුත් කරමින් ඔහු මේ බව සඳහන් කරයි. ඊයේ (30දා) නිවේදනයක් නිකුත් කරමින් විදේශ කටයුතු අමාත්‍යාංශය පැවැසුවේ කලාපය තුළ මේ වන විට පවතින තත්ත්වය සාක් සමුළුව පැවැත්වීමට තරම් සුදුසු නොවන බවයි.
එසේම පාකිස්තානයද නිවේදනය කළේ සමුළුව නොවැම්බර් මාසයේදී නොපැවැත්වෙන බවයි. සිය නිවේදනයෙන් ඔහු වැඩිදුරටත් පැවැසුවේ වෙනත් දිනක සමුළුව පැවැත්වෙන්නේ නම් එම සමුළුවට අනිවාර්යයෙන්ම ශ්‍රී ලංකාව සහභාගිවිය යුත බවයි.